2010-03-31


කියු වදන් නොඅසා ආවෙමි ඔබ හා මා..
දන්නමුත් වැරදී අති බවක් පිලි ගනු කෙසේ එය මා..
දැනුනත් ආදරයක් පෙරදී එලෙස නැත අද හට මා..
කෙලෙස යන්නද අතීතය වෙත පමා වැඩී ඔබ හා මා..
ඔය රලු වදන් අමිහිරී මට
කළ ආදරේ සාපයක් අද..
තේරුණත් එය පසු කලෙක මට..
කෙසේ යන්නද අතීතය වෙත...

2010-03-30

දුර වැඩී යලි එන්න..

මගේ හීනෙට ඔබ යලිත් එනවනම්..
සත්තයි ම යන්න දෙන්නෙ නැහැ..
වේදනාවන් හිතේ පිරෙද්දි
හිතට එන එකම සිතුවිල්ල
නුඹවත් මගෙ ලග හිටියනම් කියල..
තවත් කල් පාරමි පුරන්නද?
නුඹ නැති ලොවක..
වැරදුනු නමුදු ආදරය ආ මග දිනක..
යලි කෙසේ එය හදාගන්නද?
පමාවක් මෙතරම්,කලේ ඇයි සරදම්..
රිදුම් දෙයි හදවතත්..
අතීතය සිහි වී නිතර..
දුර වැඩී යලි එන්න..
නුඹෙ සුවදවත් මට දෙන්න..

පමාව..

පරාජිත පෙම් කවිය විය ඔබ මා මනසේ..
කදුලු සයුරක්ය අද ඔබ මගෙ හිත් අහසේ..
පවසම් කෙසේ බැදි ආලය යලිත් සිතේ..
මා අන්සතුයි, ඔබ ඇයි මේ ලෙස පමා වුනේ?

නොපැවසූ ආදරය..

කෙසේ පවසම්ද මා පැතු පැතුමන් ඔබ ගැන
අද මා අන් සතුය..
ඔබ ද අන් සතුය..
නමුදු ගොලු වු රහසක් නිරතුරු අප ගැන විමසයි..
යලිත් අප කෙසේනම් ඒ අතීතයට පිය මනින්නද..
දෙනෙතින් කීවත් නොතේරුණ බව පෙන් වු ඔබ
මා මෙන්ම  එය නොදන්නවා නොවිය හැක..
මන්දයත් ඔය සිනහවෙන්,නෙතින්..
සැමවිටම පැවසුවේ ඔබ මගේම බවය...
එසේ හෙයින් මේ දුරස් බවේ ඇති ඵලය
කෙසේනම් මා වටහාගන්නද???

අපේ හීනය..

හීන බිදිල යන්නෙ අපි දන්නෙම නැතුව..
අනේ..ඒ හීන වලට පණ දෙන්න පුලුවන් උනානම්..
ඇත්තමයි..මේ ඇස් වලින් කදුලු ගලන්නෙ නැති වේවි අද..
මොකද?
අපේ හීනෙටත් පණ දෙන්න තිබුනා එහෙනම්...

අහිමි වීම..



තත් පැතුමන් මහ මෙරක් උසකට...
දැනුනත් ආදරය නිල් අහස තරමටම...
හිමි නැතත්  ඔබ මට මේ ජීවිතය පුරවටම..
කෙසේ සමු දෙන්ද මා මියෙන තුරාවටම..